වියට්නාමය සමග අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තබයි ! මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයකුත්

Published in පුවත්
Friday, 08 May 2026 12:36

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 05ක් හුවමාරු කර ගැනීම අද (08) පෙරවරුවේ සිදුවිය.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM)ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදීය.

වියට්නාම් - ශ්‍රී ලංකා සබඳතාවල නව පරිචේඡේදයක් සනිටුහන් කරමින් සංචාරක, ආරක්ෂක කටයුතු සම්බන්ධතා, ආගමික, සිවිල්, වාණිජ, ප්‍රවාහන සහ ආර්ථික, විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මේ අතර වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එමෙන්ම වියට්නාමයෙන් පොහොර ලබාගැනීමට කළ ඉල්ලීමට එරට රජය විසින් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බව ඒ මහතා කිව්වේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us