අනුරාධපුර දැරියක අපයෝජනය කළ දෙවැනි සැකකරු ලෙස අතරමැදි ව්‍යාපාරිකයකුත් අත්අඩංගුවට

Published in පුවත්
Friday, 08 May 2026 12:45

අනුරාධපුරයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අවස්ථා කිහිපයකදී දූෂණය කළ බව කියන අපරාධමය සිද්ධියට අදාළව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි ව්‍යාපාරිකයකු ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකාර අතරමැදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ තමන්ව දෙවැනුව දූෂණය කළේ මෙම අතරමැදි ව්‍යාපාරිකයා බවට පොලිස් විමර්ශන කණ්ඩායමකට ලබාදී ඇති ප්‍රකාශයක් ඔස්සේ සිදුකළ මූලික විමර්ශන වලින් අනතුරුවය.

දූෂණයට ලක්ව ඇතැයි කියන 15 හැවිරිදි බාලවයස්කාර දැරිය ගම්පහ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇතැයි පැවසෙන්නේ තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවයි.

අදාළ විහාරාධිපති හිමිනම පිළිබඳව දැරිය සිය ප්‍රකාශය සිදුකර ඇත්තේ එම හිමිනමගේ නම සඳහන් කරමින් හා ඡායාරූප ද පෙන්වමිනි. තවද දෙවැනුව තමන් දූෂණය කළේ දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් තෙවැනුව තමන් දූෂණය කළේ කොන්දොස්තරවරයකු වන තම පෙම්වතා විසින් බවත් ඇය පවසා තිබේ.

මෙම කරුණු ගම්පහ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට ප්‍රකාශ කොට ඇත්තේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ඇය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ අවස්ථාවේදීය.

මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට සිදුකොට ඇති විමර්ශන වලට අදාළව අපරාධය සිදුකළ බවට සැලකෙන පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ පළමු සැකකරු බවට සැලකෙන විහාරාධිපති හිමි නම මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

Last modified on Friday, 08 May 2026 13:25

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us