බොරතෙල් මිල තවදුරටත් ඉහළට

Published in පුවත්
Monday, 18 May 2026 08:33

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44 කින් හෙවත් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ලෙස සටහන් වී ඇත.

එය මැයි 5 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම WTI තෙල් මිල ද මැයි 4 වැනිදායින් පසු එහි ඉහළම මට්ටමට පැමිණ ඇති අතර එහි බැරලයක් ඩොලර් 1.84 කින් හෙවත් 1.75% කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් ලෙස සටහන්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් ඇණහිට තිබීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල වීම යන කාරණා හේතුවෙන් මෙසේ ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බවය.

හෝමුස් සමුද්‍ර සන්ධිය අවට සිදුවන නැව්වලට ප්‍රහාර එල්ල කිරීම් සහ නැව් අත්අඩංගුවට ගැනීම් අවසන් කෙරෙන සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටීමත් සමඟ පසුගිය සතියේදී මෙම තෙල් මිල දර්ශක දෙකම 7% කට වඩා ඉහළ ගොස් තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us