සංචාරක ඉපැයීම් පහළට - ශ්‍රී ලංකා මහ බැංකුව

Published in පුවත්
Monday, 18 May 2026 09:54

2026 අප්‍රේල් මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය අමරෙිකානු ඩොලර් මිලියන 157.1ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේ වෙතත් 2025 අප්‍රේල් මාසයේ සංචාරක ඉපැයීම් ප්‍රමාණය වූ අමරෙිකානු ඩොලර් මිලියන 256.7 හා සැසඳීමේ දී මෙය 38.8%ක අඩුවීමක් පෙන්නුම් කරයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2026 අප්‍රේල් මාසයේ පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 135,643කි.

2025 අප්‍රේල් මාසයේ අමරෙිකානු ඩොලර් මිලියන 256.7ක් උපයා ඇත්තේ විදෙස් සංචාරකයින් 174,608ක පැමිණීමත් සමඟිනි.

මේ අතර 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 876,277ක් ලෙස වාර්තා වන අතර, එම කාලසීමාව තුළ උපයා ඇති සමස්ත සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,111ක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ සංචාරකයින් 896,884ක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 1,379ක් සමඟ සැසඳීමේදී සංචාරක පැමිණීම් සියයට 2.3කින් පහළ ගොස් ඇති අතර, සංචාරක ඉපැයීම් සියයට 19.4කින් අඩු වී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us