විද්‍යා ඝාතනයේ මරණ දඬුවම නියම වී සිටි වරදකරුවෙකු සියදිවි නසා ගනී !

Published in පුවත්
Monday, 25 May 2026 11:40

මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වරදකරුවෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි අයෙක් බව සඳහන්ය.

ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා තිබූ අතර, ඊයේ (24) රාත්‍රියේ සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මැයි 6වැනිදා යළිත් තහවුරු කළේය.

අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා විභාග කොට නිෂ්ප්‍රභ කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම තීන්දුව ලබාදී තිබුණි.

කෙසේ වෙතත් තවත් විත්තිකරුවන් දෙදෙනෙකුගේ දඬුවම් ඉවත් කිරීමටද එහිදී අධිකරණය විසින් නියම කළේය.

එම නියෝගය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ මෙම සියදිවි හානිකරගත් මරණකරු ඇතුළු මරණීය දණ්ඩනය නියම වී සිටි විත්තිකරුවන් තිදෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us