මොටර් රථ සඳහා ලබා දෙන ණය වටිනාකම් සීමා කිරීම අද සිට බලාත්මකයි

Published in පුවත්
Monday, 25 May 2026 11:46

මොටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙළීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් පැවැති වාහනයක් මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් 70%ක අගය 60% දක්වා 10%කින් පහත දමා ඇත.

එමෙන්ම මෝටර් රථ, එස්.යූ.වී, වෑන්රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා දිය හැකි උපරිම ණය සීමාව මෙතෙක් පැවැති 50% සිට 40% දක්වා 10%කින්ද ද අඩු කර තිබේ.

මින් පෙර 2025 වසරේදී ද මෙම ණය සීමාවන් පහත දැමීමටද මහ බැංකුව තීරණය කර තිබුණි.

ඒ අනුව පසුගිය වසරේ ජූලි මස 17 වැනි දින මේ සම්බන්ධව පැවැති අගයන් වූයේ වාණිජ වාහන සඳහා 80%ක් සහ මෝටර් රථ සහ වෑන් රථ සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වාය.

පවතින තත්ත්වයන් තුළ එම අගයන් සංශෝධනය කරමින් 2025 නොවැම්බර් 7 වැනි දින මෙම අගයන් තවත් පහළ හෙළීමට මහ බැංකුව තීරණය කළේය.

ඒ අනුව වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 70%ක් දක්වාත් මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා ණය සීමාව 50% දක්වාත් පහළ දැමීමට මහ බැංකුව කටයුතු කෙරිණි.

පවතින තත්ත්වයන් තුළ නැවතත් එම අගයන් සංශෝධනය කරමින් මහ බැංකුව විසින් අද සිට බලාත්මක වන පරිදි වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වා සහ මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා 40%ක උපරිම ණය සීමාවන් පැනවීමට මහ බැංකුව තීරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us