දන්සල් වලිනුත් මොළේ උණ පැතිරෙයිද ?

Published in පුවත්
Monday, 25 May 2026 12:01

මොළේ උණ හෙවත් මෙනින්ජයිටිස් (Meningitis) රෝගය යම් පමණකට ප්‍රදේශ කිහිපයකට පැතිර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් දන්සල් සංවිධානය කිරීමේදී රජය නිකුත් කර ඇති චක්‍රලේඛ හා අදාළ සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමට ක්‍රියාකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මගින් ඒ පිළිබඳව බිම් මට්ටමින් ​සොයා බලා සෞඛ්‍ය ආරක්ෂිතව පමණක් දන්සල් සංවිධානය කිරීමට අවසර ලබාදෙනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

මොළේ උණ රෝගය පමණක් නොව වෙනත් රෝගයක් වුවද ආහාර, අපවිත්‍ර ජලය මගින් ​​බෝ වී යා හැකි බැවින් දන්සල් සංවිධානය කිරීමේදී අනුගමනය කළයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අදාළ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ඒ කටයුතු කටයුතු පිළිබඳව නිසියාකාරව සොයා බලනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us