ඖෂධ මිල ඉහළ යන්න සුදානමක්

Published in පුවත්
Wednesday, 27 May 2026 07:54

රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු තවත් කාරණා හේතුවෙන් ඖෂධ මිල යම් ප්‍රතිශතයකින් ඉහළ දැමීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

අවසන් වරට ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබාදී ඇත්තේ මීට වසර පහකට පෙරදීය. එනම්, ඉකුත් 2023 වසරේ ජූනි මාසයේදීය. සෑම වසර පහකටම වරක් ඖෂධ මිල ඉහළ දැමීමට අවසරය ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි. එමෙන්ම, එක්සත් ජනපද ඩොලරයේ මිල ගණන් ඉහළ යාම ආදී කාරණාද, ඖෂධ මිල ඉහළ දැමීම සම්බන්ධව සලකා බැලීමට හේතුපාදක වී තිබේ.

ඩොලරයේ අගය පසුගිය දිනවල රුපියල් 354 ක් දක්වා ඉහළ යාමත් සමග ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දමන ලෙස බටහිර ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද සිදුකර ඇත.

ඖෂධ නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි ද එම සංගමයේ සාමාජිකයන් කියා සිටිති.

ලෝකයේ බොහෝ රටවල ඖෂධ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට ඖෂධ සැපැයුම්කරුවන් බොහෝ දෙනකු ඖෂධ ආනයනයට අදාළ ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට මැලිකමක් දක්වන බවට ද තොරතුරු අනාවරණය වේ.

ඩොලරයේ අගය ඉහළ යාම නිසා ඖෂධ මිල ගණන් වැඩිවීම පාලනය කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වානිජ මණ්ඩලයද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සියලු කරුණු සලකා බලා ජනතාවට අසාධාරණයක් සිදු නොවන පරිදි මිල සූත්‍රය යටතේ ඖෂධ මිල ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකර ඇත.

ඖෂධ වර්ග සියයක පමණ මිල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පාලනයට ලක් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us