රාජ්‍ය වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් අද ! අදින් වෙසක් සතියත් ඇරඹේ

Published in පුවත්
Wednesday, 27 May 2026 07:59

ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මේ අතර රට පුරා වෙසක් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙලෙස පැහැදිලි කළේය.

“වෙසක් සැමරුම් සංවිධානය කරපු අයගෙන් අපි ඉල්ලන්නේ, මේ පිළිබඳව මඟපෙන්වීම් ඇතුළත් චක්‍රලේඛයේ තියෙනවා කළ යුතු දේ මොනවාද කියලා. පසුගිය වාරවල හොල්මන් මන්දිර, ඔළුබක්කන් නැටවීම ආදිය එකතු වෙලා තිබුණා. අනෙක් කාරණය පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම හෝ නැතිම කරන ලෙස මඟ පෙන්වීමක් කරලා තියෙනවා. පොලීසියට මේ ගැන උපදෙස් සපයලා තියෙනවා කළ යුතු හා නොකළ යුතු දේ ගැන...”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us