බස් ගාස්තුව ඛාණ්ඩ තුනක් යටතේ වැඩි කිරීමට තීරණය කළ බවට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පසුගියදා(01 වැනිදා) දැනුම් දී තිබුණී.
ඒ අනුව ගමනාන්තය කිලෝමීටර් 100 ට වඩා අඩු කෙටි දුර බස් ගාස්තුව සියයට 12 කින් ද ගමනාන්තය කිලෝමීටර් 100 ට වඩා වැඩි දුරගමන් සේවා බස් ගාස්තුව සියයට 20 කින්ද ඉහළ දැමීමට තීරණය කර ඇත.
එසේම කෙටි දුර වායු සමීකරණය කළ බස් ගාස්තුව සියයට 12කින් හා දුරගමන් සේවා වායු සමීකරණය කළ බස්රථ ගාස්තුව සියයට 15 කින් ඉහළ නංවා ඇත.
මේ අනුව සාමාන්‍ය අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා වැඩිව ඇත.

