බස්නාහිර රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරේ ! මරණ සංඛ්‍යාවත් වැඩි වන ලකුණු

Published in පුවත්
Monday, 06 July 2026 09:34

බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඔවුන් රැක බලා ගැනීමේ කටයුතු ද දැඩි අසීරුතාවයකට හා අවදානමකට ලක්ව ඇති බවයි එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ.

රෝගීන් වාර්තා වීම මෙලෙස ඉහළ යාම හේතුවෙන් ඊට සමානුපාතිකව ඉදිරියේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.

වෛද්‍ය කපිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් 59,638 දෙනාගෙන් 52.4%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බවය.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වැඩිම රෝගී ප්‍රතිශතයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් තෝරාගෙන එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සතියක් පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා,

"දැනට වාර්තා වෙන රෝගීන් 59,638න් 52.4%ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ නිසා බස්නාහිර පළාතේ දිස්ත්‍රික් තුනේ තියෙන වැඩිම රෝග ප්‍රතිශතය තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් අපි තෝරගෙන, ඒ තුළ මේ ක්‍රියාදාමය දිගටම අපි සතියක් පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ සතිය අවසානයේදී නැවත වරක් අපි ඒ ප්‍රගතිය විමසා බලලා තව ඉදිරියටත් ඒක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සැලසුම් කරලා තියෙන්නේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන කියලා අපි කොටස් තුනකට කඩලා. දැන් මොකද මේ අවස්ථාවේදී කෙටිකාලීන කියලා අපි කියන්නේ මේක ඉමර්ජන්සි (Emergency) තත්ත්වයක් නිසා. මොකද මේ වැඩිවීම ඉතාමත් බරපතළයි. මොකද මේ තුළින් රෝහල් පද්ධතියට විශාල බලපෑමක් වෙලා තියෙනවා. උපරිම ධාරිතාවට දැන් ගිහිල්ලා තියෙනවා විශාල ප්‍රමාණයක් රෝහල්. එතකොට මේ තුළදී රෝගීන් රැකබලා ගැනීම ලොකු අවදානමකට පත්වෙලා තිබෙනවා. මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ ඊට සමානුපාතිකව මරණ සංඛ්‍යාවත් වැඩිවීමට හේතුවක් වෙනවා."

Last modified on Monday, 06 July 2026 09:36

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us