ඩෙංගු වයිරසය ආසාදිත ශිෂ්‍යයන් බහුලව හමුවූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයත්, මොරටුව විශ්විද්‍යාලයත් තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබුවත් අනෙක් විශ්වවිද්‍යාලවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවද සභාපතිවරයා සඳහන් කළේය.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ඩෙංගු වයිරසය පැතිර යාම නිසා ඉකුත් 2 වැනිදා තාවකාලිකව වසා දැමූ බවත් එම විශ්වවිද්‍යාලය ලබන 13 වැනිදා යළි විවෘත කරන බවද සභාපතිවරයා කීය.
කෙසේ වෙතත් ඊයේ (6 වැනිදා) සිට වසා දැමූ මොරටුව විශ්වවිද්‍යාලය ලබන 21 වැනිදා විවෘත කරන බව ද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් මත සියලු විශ්වවිද්‍යාලවල මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න සඳහන් කළේය.

