තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදු කරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ද අධිකරණ ඇමැතිවරයා එහිදී මීගමුව රෝහලේ වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.
ජාතික රෝහලට පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස ජාතික රෝහලේ 72 සහ 79 වාට්ටුවල ප්‍රතිකාර සහ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරින්ගේ ප්‍රතිකාර සේවාවන් සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් සොයා බැලීය.

