කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අද සිට

Published in පුවත්
Wednesday, 15 July 2026 09:23

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂයේ ඇසළ මංගල්‍යය අද (15) දින සිට ආරම්භ වීමට නියමිතය.


ඇසළ මංගල්‍යයට සමගාමීව තෙරුවන්ගේ හා දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමින් පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඊයේ (14) දින රාත්‍රියේ දේවාල භූමියේ පිහිටි පිරිත් මණ්ඩපයේදී පැවැත්වුණි.

​රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ගේ සහ රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශ්‍රී අභිනවාරාම විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබුණි.

​රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුසංක මහතාගේ මෙහෙයවීමෙන් මෙම පින්කම පැවැත්වුණි.

​මෙම අවස්ථාව සඳහා කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මපාල හේරත්, කතරගම දේවාලයේ ප්‍රධාන කපුධුරන්ධර සරත් සේපාල ටී. රත්නායක, කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ. ජී. නිශාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

​අද දින ආරම්භ වූ මෙම ඓතිහාසික පෙරහැර මංගල්‍යය දින 15ක් පුරා පැවැත්වෙන අතර, ලබන 29 වෙනිදා රාත්‍රියේ අවසන් මහා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය.

අනතුරුව ලබන 30 වැනිදා උදෑසන මැණික් ගඟේ දියකැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් පසු මෙවර ඇසළ මංගල්‍යය නිල වශයෙන් නිමාවට පත්වේ.

​මේ වන විට පාද යාත්‍රාව ඔස්සේ බැතිමතුන් 24,568 දෙනෙකු කතරගම පූජා භූමිය වෙත පැමිණ සිටිති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us