ප්‍රධාන ජලාශ 80හි සමස්ත ජල ධාරිතාව 48% දක්වා පහළට

Published in පුවත්
Wednesday, 15 July 2026 09:28

ප්‍රධාන ජලාශ අසූවෙහි (80) සමස්ත ජල ධාරිතාව 48%දක්වා පහළ ගොස් තිබෙන බව වාරි මාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු ඒච්.ඒම්.පී.ඒස්.ඩී. හේරත් සඳහන් කරයි.

ඉදිරි මාස කීපයේදී පුරෝකථනවලට අනුව වැසි රටාවේ වෙනස්වීම් හේතුවෙන් වර්ෂාව ලැබීම පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඊට මුහුණදීම සඳහා ජලාශවලින් වගාවට, පානීය ජලය සහ වෙනත් දෛනික ජල අවශ්‍යතාවන් වෙනුවෙන් ජල පරිහරණයේදී ජනතාව වඩාත් අවධානය යොමු කළ යුතු බවත් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටිති.

වගා කටයුතු අවසන් වෙමින් පවතින බැවින් යල කන්නයේ වගාවට ජලය ප්‍රමාණවත් බවත් ජලාශවල පවතින ජලධාරිතාව සහ පානීය ජල අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ව්‍යාපාර කමිටු තීරණ අනුව අතරමැදි කන්නයේ වගාවට ජලය නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙන බව පැවැසීය.

ඒල් - නිනෝ පුරෝකථන වෙනස්විය හැකි බැවින් ජලාශවල ගබඩා කරගෙන ඇති ජලය උපරිම ලෙස කළමනාකරණය කර ගනිමින් පාවිච්චි කිරීමට ජනතාව උනන්දු විය යුතු බවත් පවතින අධික උෂ්ණත්වයේ බලපෑමෙන් ජලය වාෂ්පීකරණය වීමද සැලකිල්ලට ගතයුතු බව අවධාරණය කෙරේ.

කෙසේ වෙතත් මේ වනවිට ජලාශ 80 හි පවතින ජලධාරිතාවය පානීය ජල අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් නමුත් ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පුරෝකථන අනුව වර්ෂාපතනය නොලැබුණ හොත් වගාවට සහ පානීය අවශ්‍යතාවය කෙරෙහි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් උදාවනු ඇති බව දෙපාර්තමේන්තුව කියයි.

අවදානමට මුහුණදීමට පෙර සූදානමක් ලෙස පානීය, දෛනික අවශ්‍යතාවයන් සහ අත්‍යවශ්‍යම දෑ සඳහාම පමණක් ජලය පාවිච්චි කිරීමට කෙරෙහි ජනතාවගේ දැඩි අවධානය යොමු කළ යුතු බවත් ජලාශවලට ජලය සැපයෙන ජල මූලාශ්‍ර ජලධාරිතාවය කෙරෙහි දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුවී තිබෙන බවද පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us