ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

Published in පුවත්
Friday, 31 July 2026 09:39

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුකර තිබෙන බවත්, ඊ ට අදාළ නීතිමය කටයුතු මේ වසර අග වනවිටදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලූස් පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු පවතින බැවින් පොල්තෙල් බෝතල්වල හෝ ඇසුරුම්කර අලෙවි කිරීමට අදාළව නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව වැවිලි අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරනු ලැබුවේ ඉකුත් වසරේ (2025) මැද භාගයේදීය.

පොල් තෙල් ඇසුරුම් කර විකිණීම සම්බන්ධව අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා නිකුත් කිරීම සම්බන්ධවද පසුගිය කාලයේදී සාකච්ඡා පැවැත්විණි. කෙසේ නමුත් මේ සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කෙරෙන බව අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවේය. අසල්වැසි ඉන්දියාවේද පොල්තෙල් ලූස් වශයෙන් අලෙවි නොකරන බවත්, එරට තුළ පොල්තෙල් අලෙවි කෙරෙන්නේ ඇසුරුම් කිරීමෙන් පසුව බවත් අදාළ නිලධාරියා කියා සිටියේය. මෙම නීතිය පොල්තෙල්වලට පමණක් නොව පාම් තෙල් ඇතුළු ආහාරයට ගන්නා අනෙකුත් තෙල් වර්ගවලට අදාළවද ක්‍රියාත්මක කිරීම සම්බන්ධවද අවධානය යොමුවී තිබෙන බවත්, බොහෝ දුරට මෙම නීතිය මේ වසර අග වනවිටදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් ඔහු

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us