ලොව පුරා විනිසුරුවරුන් නියෝජනය කරන ලෝකයේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය 1953 වසරේ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් නගරයේ දී ආරම්භ කරනු ලැබීය. ඉතාලියේ රෝමය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර විනිසුරු සංගමය අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවූ ජාත්‍යන්තර සංවිධානයක් වේ.
ශ්‍රී ලංකා රජය මෑතකදී නිවේදනය කර ඇති මෙම යෝජිත නීති සම්පාදනය ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතීඥ සංගමය ඇතුළු තවත් බොහෝ ආයතන සහ විචාරකයින් විසින් ප්‍රකාශ කරන ලද බරපතළ තත්ත්වයන් පිළිබඳ සිය සංවිධානයේ අවදානය යොමුව ඇති බව ජාත්‍යත්තර විනිසුරු සංගමය පෙන්වා දී තිබේ. මෙම නීතී සම්පාදනය කළ යුත්තේ තර්කානුකූල, ප්‍රතිපත්තිගරුක සහ ශක්තිමත් ව්‍යවස්ථාමය සංශෝධන ක්‍රියා පටිපාටියකට බව ඔවුන් පෙන්වා දෙයි. එසේ නොමැතිනම් අධිකරණයේ ස්වාධීනත්වය අඩපණ වන බැවින් යෝජිත නීති සම්පාදනය නැවත සලකා බලන ලෙස ශ්‍රී රජයෙන් ගෞරාන්විතව ඉල්ලා සිටින බව ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


