තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

Published in පුවත්
Friday, 07 August 2026 09:06

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මුස්ලිම් පාසල්වල, පාසල් වාරය ලබන මස 02 වැනිදායින් අවසන් වන බවයි.

තුන්වැනි පාසල් වාරයේ දෙවන අදියර ලබන මස 07 වැනිදා ආරම්භ කරන අතර දෙසැම්බර් මස 04 වැනිදායින් අවසන් වනු ඇති.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2723කදී ලබන 09 වෙනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ලබන 10 වැනිදා සිට ලබන මස 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග ආරම්භයට පෙර පාසල්වල මදුරු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට උපදෙස් ලබාදී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළා ය.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 88,088කි.

ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 63ක් මියගොස් තිබේ.

ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 137ක මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us