දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුදු ශ්‍රමිකයන්ගේ පුරප්පාඩු බොහෝමයක් පැවතියදී වසර ගණනාවක් පළපුරුදු ශ්‍රමිකයන් ඉවත් කිරීම කාලෝචිත නොවන බව දුම්රිය ස්වශක්ති සංගමයේ ප්‍රධාන ලේකම් එම්.ජේ. රොබට්ස් පැවසීය.
2014 වසරේදී ආදේශක කම්කරුවන් ලෙස බඳවාගත් මෙම සේවකයින් 2019 වසරේදී වසර තුනක පරිවාස කාලයකට යටත්ව ස්ථිර කළ බවත්, එලෙස පරිවාස කාලය සම්පූර්ණ කළ නොහැකි වූ සේවකයින් 150 දෙනකු දුම්රිය කාර්මික, ඉලෙක්ට්‍රික්කරණය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ස්ථිර නොමැතිව රාජකාරි කළ බවත් හෙතෙම කීවේය. වයස අවුරුදු 60 ඉක්මවූ දුම්රිය සේවකයන්ටද අවශ්‍යතාව මත සේවා දිගු ලබාදෙන පසුබිමක දුම්රිය දෙපාර්තුමේන්තුවේ වැදගත් කාර්යභාරයක් ඉටුකළ පළපුරුදු මෙම සේවකයින් 150 දෙනා ඉවත් කිරීම දැඩි අසාධාරණ ක්‍රියාමාර්ගයක් බවද මොවුන් සම්බන්ධයෙන් සහනදායී තීරණයක් ගන්නැයි තමන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලීම් කළ බවද ඔහු සඳහන් කළේය.

