ඉබෝලා වසංගතය ගැන WHO වෙතින් දරුණු හෙළිදරව්වක්

Published in පුවත්
Thursday, 13 August 2026 09:47

කොංගෝ රාජ්‍යයේ මෙවර හටගෙන ඇති ඉබෝලා වසංගතය, මෙතෙක් ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

ටෙඩ්‍රොස් ගෙබ්‍රියෝසස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, වත්මන් ව්‍යාප්තියේ වේගය අඛණ්ඩව පැවතුනහොත්, අවම වශයෙන් පුද්ගලයින් 11,000කට වැඩි පිරිසකගේ ජීවිත බිලිගත් 2014-2016 වසංගත සමය පවා මෙමඟින් ඉක්මවා යනු ඇති බවයි.

පසුගිය මැයි මස 15 වන දින ප්‍රකාශයට පත් කරන ලද මෙම වසරේ වසංගතය හේතුවෙන් මේ වන විට ආසාදිතයින් 4,300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මරණ 2,000කට වඩා සිදුව තිබේ.

මෙම වසංගතය මැයි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළද, එයට මාස තුනකට පමණ පෙර, එනම් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට වෛරසය පැතිර යන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් අනාවරණය කර ඇත.

මුල් අවස්ථාවේදී මෙම රෝග ලක්ෂණ මැලේරියාව හෝ හෙපටයිටීස් ලෙස වැරදියට හඳුනාගැනීම හේතුවෙන් වෛරසය පාලනය කිරීම අපහසු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු අධ්‍යක්ෂ වෛද්‍ය මොහොමඩ් ජනාබි පවසා ඇත.

මෙම වසරේ වසංගතයට හේතු වී ඇත්තේ මීට පෙර 2007 සහ 2012 යන වර්ෂවලදී පමණක් වාර්තා වී ඇති දුර්ලභ 'බුන්ඩිබුගියෝ' (Bundibugyo) නම් ඉබෝලා විශේෂයයි.

මෙම වෛරස් විශේෂය සඳහා මෙතෙක් අනුමත කරන ලද කිසිදු එන්නතක් හෝ පිළිගත් ප්‍රතිකාර ඖෂධයක් නොමැත. කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් මෙම වෛරසය සඳහා නව එන්නතක් නිර්මාණය කර ඇති අතර, එහි පළමු අදියරේ මිනිස් අත්හදා බැලීම් සඳහා බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන අංශයෙන් අවසර ලැබී ඇත.

කොංගෝවේ නැඟෙනහිර ප්‍රදේශයේ පවතින දරුණු තත්ත්වයන් හේතුවෙන් සෞඛ්‍ය සේවකයින්ට රෝගීන් වෙත ළඟා වීමට හැකි වී ඇත්තේ ආසන්න වශයෙන් 30% ක පමණ ප්‍රතිශතයකට පමණක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් විවිධ පියවරයන් ක්‍රියාත්මක කරමින් පවතී.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us