පිඩාවට පත් පවුල් දෙදහසකට බවුසර් මගින් ජලය

Published in පුවත්
Tuesday, 25 August 2026 10:09

මාස දෙකකට අධික කාලයක් පවතින දැඩි නියඟය හේතුවෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දොළහක, පවුල් දෙදහස් දහයක් පමණ පීඩාවට පත් වී ඇති බැවින් බවුසර් මගින් ජලය බෙදාහැරීම ආරම්භ කර තිබේ.

දැනට දිනකට පානීය ජලය ලීටර් විසි පන් දහසක් බෙදාහරින බව පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. අනුර රාජපක්ෂ පැවසූයේය. ඒ අනුව එක් නිවසකට සතියකට පානීය ජලය ලීටර දෙසීයක් ලබාදෙන අතර සතියකට දින හයක් ජලය බෙදා දෙයි.

ඉදිරියේ දී දින තුනකට වරක් ලීටර් දෙසීයට වඩා එක් නිවෙසකට ජලය ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීය.

මේ හේතුවෙන් පීඩාවට පත්වී සිටින පුද්ගලයන් සංඛ්‍යාව හයදහස් එකසිය අනූ දෙකක් බව පදියතලාව ප්‍රාදේශීය ලේකම් බී.වී. සුදර්ශන ගුණසේන පැවසීය. තත්ත්වය දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් පවතින අතර ජල මූලාශ්‍ර සිඳීයමින් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරයා කීය.

ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (21 වැනිදා) පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැති ප්‍රාදේශීය අපදා කළමනාකරණ කමිටුව අමතමිනි.

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම, සේරන්කඩ, හෝලිකේ, ගල්ඕඩේ, පුලුන්ගස්මුල්ල, පලතුරුවැල්ල, පදියතලාව, කිරවාන, කෙහෙල් උල්ල, හාගම්වෙල, තලාපිටඔය-දකුණ, තලාපිටඔය-වම යන ග්‍රාම නිලධාරී වසම්වල දැඩි නියඟය හේතුවෙන් උග්‍ර ජල ගැටලුවකට මුහුණ පා ඇත.

මෙම ප්‍රදේශ සඳහා පානීය ජලය සපයා දීම සදහා රජය මාස තුනකට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන මේ වනවිටත් පදියතලාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

මිරිස්වත්ත වළදෝව කණ්ඩිය හැර ප්‍රදේශයේ සුළු පරිමාණ වැව් සියල්ලක්ම හිඳී ඇති අතර ඒ නිසාම කිරි ගව පාලනය කරන විශේෂයෙන්ම හාගම්වෙල හා කීනාතුමුල්ල ගම්මානවල හරකුන්ටත් බීමට ජලය නැති බවද මෙහිදී අනාවරණය විය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us