ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් දැනුම් දීමක්

Published in පුවත්
Tuesday, 25 August 2026 09:57

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මේවන විට නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය පරිදි ජල සැපයුම නැවත ඛෙදාහැරීම සඳහා අවශ්‍ය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණ සිදුතර නියමිත තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල බව තහවුරු කිරීමෙන් අනතුරුව, ජල සැපයුම නැවත බෙදාහැරීම සඳහා කටයුතු සිදුකර ඇති බවද එම මණ්ඩලය අද (25) උදෑසන 6ට නිකුත් කළ දැනුම්දීමේ සඳහන්ය.

කෙසේ වෙතත්, ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රදේශ වෙන ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

පත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන අතර, බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජල සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වීමේදි යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන මෙම පියවර සඳහා ජනතාවගේ සහයෝගය කාරුණිකව අපේක්ෂා කරන බවද එම මණ්ඩලය දැනුම් දෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us