වසරේ මුල් මාස 7 තුළ ඉන්ධන ආනයනයට ඇ .ඩො. මිලියන 3,622ක් වැය කරයි

Published in පුවත්
Wednesday, 02 September 2026 08:44

වසරේ මුල් මාස 7 තුළ මෙරට ඉන්ධන ආනයන සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 3,622ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව පෙන්වා දෙනුයේ එය පසුගිය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 59.9%ක ඉහළ යෑමක් වන බවය.

මේ අතර මාසික ඉන්ධන ආනයන වියදම සලකා බැලීමේදී පසුගිය ජූලි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජය අමෙරිකානු ඩොලර් මිලියන 453ක්ද වැය කර ඇති බව මහ බැංකුව මේ සම්බන්ධව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වේ.

කෙසේ නමුත් එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව අඩු වීමක් බව පෙන්වා දී ඇති අතර ඉන් සඳහන් කර ඇත්තේ පසුගිය ජූනි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 465ක් වැය කර ඇති බවය.

නමුත් මෙම වසරේ ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම ගිය 2025 වසරේ ඉන්ධන ආනයන වියදම වාර්ශික ලක්ෂ්‍යමය පදනම මත 68%කින් ඉහළ ගොස් ඇති බවත් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ බොරතෙල් ආනයනය වී ඇති බවත් මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us