විපක්ෂය මැඩලීමේ සැලැස්මක්! Featured

Published in පුවත්
Thursday, 02 October 2014 08:56

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමේ උපාය මාර්ගයක නිරත වී සිටින බවට කැෆේ සංවිධානය චෝදනා කරයි.

ජනාධිපතිවරණයට පෙර විපක්ෂ ක්‍රියාකාරීන් නිහඬ කිරීමේ එම සැලැස්මේ කොටසක් වශයෙන් පසුගියදා ප්‍රහාර කිහිපයක්ම එල්ල කර ඇති බව  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (CaFFE) පවසයි.



නාවලපිටිය ඡන්ද කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ නිවසකට අඟහරුවාදා ගල් ගසා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව කැෆේ සංවිධානය කියයි.

දින පහක් ඇතුළත විපක්ෂයේ අපේක්ෂකයන් සහ ආධාරකරුවන් ඉලක්ක කර එල්ල වූ තෙවැනි ප්‍රහාරය මෙය බව එම සංවිධානය කියා සිටියි.


ආණ්ඩුවෙන් 'ප්‍රහාර'

‘ප්‍රබල ආධාර ඇතිව විපක්ෂ දේශපාලනඥයන් ඉලක්ක කරලා ආණ්ඩුව ප්‍රහාර ගණනාවක් දියත් කරලා තියනවා. මේ ප්‍රහාර වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්’ යනුවෙන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් පැවසුවේය.


මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සඳහා නාවලපිටිය ඡන්ද කොට්ඨාශය ප්‍රසිද්ධියක් උසුලන අතර දෙදහස් දහය වසරේ පැවති මහ මැතිවරණය එම කොට්ඨාශයේ නැවත පැවැත්වීමට සිදු විය.

ඉහත කී ප්‍රහාරය එල්ල වූ නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය නව ආසන සංවිධායක ආනන්ද අලුත්ගමගේ විසින් සංවිධානය කර තිබූ අතර ඊට එම පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වීමට නියමිතව සිටි බව කැෆේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

මීට අමතරව ගිරිඋල්ල ප්‍රදේශයේදී ද එක්සත් ජාතික පක්ෂ අධාරකරුවන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය වැඩි දුරටත් පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාරට අයත් කරුවලගස්වැව හොටලයකටද සඳුදා ප්‍රහාරයක් එල්ල කෙරුණු බවත් කැෆේ සංවිධානය වාර්තා කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us