මන්ත්‍රීවරයකුට, තානාපතිවරයකුට පහර දිය හැකිද? Featured

Published in පුවත්
Thursday, 02 October 2014 09:29

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවේ මහා කොමසාරිස් ක්‍රිස් නොනිස් මහතාට පහරදුන් බවට චෝදනා එල්ලවී ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව රජය වහා ක්‍රියාමාර්ගයක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල ලෙස අපකීර්තියට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (01) කොළඹ දී මාධ්‍ය හමුවක දී පැවසුවේය.

ශ්‍රී ලංකාවේ විදේශ සේවා ඉතිහාසයේ මෙවන් සිදුවීමක් කිසි දිනක වාර්තාවී නොමැති බව පැවසූ හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුද වන ලක්ෂ්මන් කිරිඇල්ල එම සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයාට වහාම දඬුවම් කළ යුතු බව කියා සිටියේය.

"ශ්‍රී ලංකා තානාපතිවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් උත්සවයකදී කම්මුලට පහරක් ගැහුවා, ඊට පස්සේ පයිනුත් ගැහුවා, ජනාධිපතිවරයාත් එතන හිටියා විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීනුත් එතන ඉදල තියෙනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයිතියක් තියෙනවද එහෙම තානාපතිවරයෙකුට පහර දෙන්න," ඔහු ප්‍රශ්ණ කළේය.


දඬුවම්


පහර දුන් මන්ත්‍රීවරයාට එරෙහිව ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි විශ්වාස කරන්නේදැයි විමසු විට මන්ත්‍රීවරයා පැවසුවේ එම පුද්ගලයාට දඬුවම් කරන ලෙස ජනමාධ්‍ය ආණ්ඩුවට බලපෑම් කල යුතු බවයි.

"ඔය ගොල්ලෝ ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනේ, ඒකටයි මාධ්‍ය ඉන්නේ, අපි බලපෑම් කරන්න තමයි මෙතන ඇවිල්ලා කට ඇරලා කියන්නේ,” කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය.

පහරදුන් බවට චෝදනා ලබා ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීම ප්‍රතික්ෂේප කළ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ ජනමාධ්‍යවල ඔහුගේ නම සඳහන් වී නොතිබුණු බවයි.

"ඔය ගොල්ලෝ හැමදාම බලාගෙන ඉන්නේ විපක්ෂයේ වැරදි හොයන්නනේ, මාධ්‍ය හැටියට ඔයගොල්ලෝ කෙලින්ම චෝදනාව එල්ලකරන්න ඕනේ, කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේය.

මෙම පහරදීම සිදු කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන බවට පළවී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳව පෙරේදා (30) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ තමන් එවැනි වාර්තාවක් දුටු නමුත් නිල වශයෙන් ඒ සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි.

කණගාටුදායක තත්වයක්


ශ්‍රී ලංකාවේ විදේශ සේවාවේ සියලු තානාපතිවරුන් එක්ව මෙම පහරදීම පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා 80% කට ආසන්න පිරිසක් දේශපාලන පත්වීම් ලබා ඇති ශ්‍රී ලංකා විදේශ සේවය අද කණගාටුදායක තත්වයකට පත්ව ඇති බවද පැවසුවේය.

මෙහිදී 'බීබීසි'ය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ ඥාතීන් විදේශ සේවාවලට පත්කිරීම පිළිබඳව චෝදනා කරන විපක්ෂයේ නියෝජිතයන්ගේ ඥාතීන්ද මෙලෙස ආණ්ඩුවේ දේශපාලන පත්වීම ලබා විදේශ සේවාවට එක්වීම ගැන, පසුගියදා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය වාර්තා කලේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී චන්ද්‍රානි බණ්ඩාරගේ පුත්‍රයෙකුට ඩුබායිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දේශපාලන පත්වීමක් ලබා දී ඇති බවයි.

" මම දන්නේ නැහැ මොන පදනමක් යටතේද කියල, විදේශ සේවාවලට ඇතුළු වෙන විභාග තියෙනවා. ඒවාට ඉඳගෙන ගියාද දන්නේ නැහැ, මමත් එක වෙබ් අඩවියක දැක්කා, හැබයි මෙතන වැදගත් වෙන්නේ ලොකු තනතුරු නේ, මගේ පුතෙක් ඉන්නවනම් අවුරුදු 25ක එයා විදේශ සේවාවට යනව නම් එයා සුළු රස්සාවකට, එයා තානාපති වෙලා යන්නේ නැහැනේ"
දේශපාලන පත්වීම්

මෙහිදී සංදේශය විමසුවේ එය දේශපාලන පත්වීමක් නම් එම පත්වීම වැරදි දෙයක් හැටියට මන්ත්‍රීවරයා දකින්නේද යන්නයි.

" මම බලන්න ඕනේ විභාගෙට ඉඳ ගත්තද කියලා, මම ඒක හොයල බලල ඊලග සැරේ කියන්නම්. මම ඕක අධ්‍යයනය කෙරුවේ නැහැ හරියට. මම ඔය ආර්ටිකල් එක දැක්ක. හැබැයි ඔය චන්ද්‍රානි බණ්ඩාරගේ පුතා ගැන විතරයි නේද තියෙන්නේ, ඔය ගොල්ලෝ හදන්නේ මේ සිද්ධිය පෙන්වලා සමස්ත ආණ්ඩුව කරන ඔක්කොම වැරදි දියාරු කරන්නනේ," මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළේය.


(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us