වාහන අංක තහඩු හේතුවෙන් වාහනහිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම්

Published in පුවත්
Monday, 07 September 2026 09:45

විද්‍යුත් වාහන සඳහා කොළ පැහැ අංක තහඩු මුද්‍රණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණත් එය නිසි පරිදි පොලිසිය ඇතුළු කොළ පාට සෙසු ආයතන වෙත දැනුම් නොදීම මත වාහන හිමිකරුවන් හා පොලිසිය අතර මත ගැටුම් නිර්මාණය වී තිබේ.

අදාළ තීරණය ගැන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ගැසට් පත්‍රය ප්‍රසිද්ධ නොකිරීම, පොලිස් නිලධාරීන් සඳහා නිසි අන්දමින් ඊට අදාළ මාර්ගෝපදේශ හා නියෝග දැනුවත් නොකිරීම හා ඉහළ පොලිස් නිලධාරීන් විසින් සෙසු නිලධාරීන්ව ඒ ගැන දැනුවත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මෙපමණ කාලයක් වාහන සඳහා අංක තහඩු නිකුත් කෙරුණේ සුදු සහ කහ පසුබිමේ කලු වර්ණයෙන් වන අතර විද්‍යුත් වාහන ලියාපදිංචිය සමග එම ඛණ්ඩයේ වාහන සඳහා කොළ පසුබිම සුදු වශයෙන් මුද්‍රණය කර ඇත.

මේ වනවිට ගොඩගැසී ඇති ලක්ෂ සංඛ්‍යාත අංක තහඩු මුද්‍රණය වෙමින් පවතින අතර මුද්‍රණය කළ අංක තහඩු ද හිමිකරුවන් වෙත බෙදාහැරීම ද සිදුවෙමින් පවතී.

කෙසේ වෙතත් මෝටර් වාහන පනත යටතේ විද්‍යුත් වාහන අංක තහඩු පිළිගත නොහැකි බව පවසමින් බොහෝ පොලිස් ස්ථානවල නිලධාරීහු එම වාහන හිමිකරුවන්ට දඩ සහ නඩු පැවරීම් සිදුකිරීම මත එය ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇත.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් පොලිස් රථවාහන මූලස්ථානය විද්‍යුත් වාහන අංක තහඩු සඳහා ඇති උපදෙස් හා නියෝග සියලුම පොලිස් ස්ථානවලට ලබාදී ඇති බවද මේ අනුව ඉදිරියේදී එම වාහන හිමියන්ට අංක තහඩු සම්බන්ධ ගැටලු ඇති නොවන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ උසස් නිලධාරියකු සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us