‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ තේමාව මුල් කරගනිමින් සංවිධාන කර තිබූ ජනරැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය මුල්කරගනිමින් බුලත්සිංහල හා බේරුවල නගරවලදී ඊයේ (06) පැවැත්වුණා.
එහිදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟ වන ඡන්ද ක්‍රමය තීන්දු කළ වහාම පළාත් සභා මැතිවරණය පවත්වන බවත් තමා කිසිසේත්ම ජනතාවට වංගු ගසා පාලන බලය තබාගැනීමට උත්සාහ කරන්නේ නැති බවත් කී ජනාධිපතිවරයා, අපි හැමවෙලේම විශ්වාසය තබන්නේ ජනතාව කෙරෙහි පමණක් බවත් පැවසුවා.
ඒ නිසා ගම් මට්ටමින් ජාතික ජන බලවේගය ප්රබලතම දේශපාලන ව්‍යාපාරය ලෙස තවත් ශක්තිමත් කරමින් රට ගොඩනැඟීමේ ඓතිහාසික ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසුවා.
“යම් වරදක් කරා නම් කවදා හෝ දඬුවම් ලැබී වැඩක් නැහැ, සිද්ධිය මතක කාලයේදීම දඬුවම් ලැබිය යුතුයි. ඒ වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන අපි බය නැතුව ගේනවා. ජනතාව වෙනුවෙන් කිරා මැන බලන කිසිදු තීන්දුවක් අපි ආපසු හරවන්නේ නැහැ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ තීන්දුව ලැබුණු වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, සම්මත කර දූෂිතයන්ට දඬුවම් දීමට අපි කටයුතු කරනවා” යැයි ද හෙතෙම මෙහිදී අවධාරණය කර සිටියා.

