දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් වල සැලකියයුතු ඉහළයාමක්

Published in පුවත්
Wednesday, 16 September 2026 10:15

දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවය.

ගිං ගඟ පහළ ප්‍රදේශයේ, බද්දේගම ආසන්න ස්ථාන කිහිපයක මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

කළු ගඟේ ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයෙන් මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක්ද, පහළ ද්‍රෝණියේ කැස්බෑව ආසන්න ප්‍රදේශවලින් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී ඇති බව සඳහන්ය.

කොළඹ ආසන්න ප්‍රදේශවලින්ද මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

මහවැලි ගඟේ ඉහළ ද්‍රෝණියට අයත් බදුල්ල, මහනුවර සහ නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, අම්පාරේ ගල්ඔය ද්‍රෝණිය ආසන්න ප්‍රදේශවල මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක්ද වාර්තා වී තිබේ.

මඩකළපුව දිස්ත්‍රික්කයෙන්ද මිලිමීටර් 75කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකින් මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කෙසේ වෙතත්, බොහෝ ගංගාවල ජල මට්ටම්වල සීඝ්‍ර ඉහළ යාමක් මේ වනවිට දක්නට නොමැති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය.

තෙත් කලාපයේ ගිං, නිල්වලා, කළු ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියද, ඒවා මේ වනවිට ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නොමැත.

කෙසේ වෙතත්, එම ප්‍රදේශවලට තවදුරටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

"මේ දිනවල ලැබෙන වර්ෂාපතනය තීව්‍රතාවය වැඩියි. නැත්නම් කෙටිකාලයක් ඇතුළත විශාල වර්ෂාපතනය ලැබෙනවා. මේ තත්ත්වය යටතේ ප්‍රාදේශය වශයෙන් පහයත්බිම් ජලයෙන් යටවීමේ හැකියාව තිබෙනවා." යනුවෙන් ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us