විශ්වවිද්‍යාලීය අචාර්යවරුන් සහ අගමැතිනිය අතර අද සාකච්ඡාවක්

Published in පුවත්
Wednesday, 16 September 2026 10:18

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමඟ සාකච්ඡාවක් අද (16) පැවැත් වීමට නියමිත බව විශ්වවිද්‍යාලීය අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, තම ගැටලු සඳහා නිසි විසඳුම් ලැබෙන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉංගසිංහ මහතා,

“මේ වෙද්දි ආණ්ඩුව පැත්තෙන් මේ ගැටලු නිරාකරණයට සාධනීය විසඳුමක් ලබාදෙන බවක් අපිට පෙන්න නෑ. හැබැයි රැස්වීමක් දීලා තියෙනවා අගමැතිතුමිය එක්ක. අපි ඒකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පසුගිය සෙනසුරාදා පැවති සියලුම නියෝජිත සංගම්වලින් ඒකමතිකව තීරණය කරලා තියෙනවා නිසි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන්න සහ ඉදිරියට ගෙනියන්න. විසඳුමක් නැති සාකච්ඡාවලින් කිසිම ඵලක් නෑ. අපි සාකච්ඡාවට විවෘතයි. නමුත් පැහැදිලි විසඳුමක් ලැබෙන තුරු මේ වෘත්තීය ක්‍රියාමාර්ග කිසිසේත්ම අත්හිටුවන්න සුදානම් නෑ කියන දේ අපි ආණ්ඩුවට කියනවා.”
මේ අතර දිවයිනපුරා පාසැල්වල 46,000ක ගුරු හිඟයක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ගුරුවරුන් බඳවා ගැනීම සඳහා පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ආණ්ඩුව මේවන තෙක් පියවර ගෙන නොමැති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us