ශ්‍රී ලංකාව නියෝජනය කළ බීච් වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ ජාතික හොකී කණ්ඩායමේ ක්‍රීඩකයෙක් දකුණු කොරියාවේදී අතුරුදහන් වූහ.
‘ඒකට අදාළ ක්‍රීඩා සංගම් වගකීම බාර ගත යුතුයි. ක්‍රීඩා සංගම් සමග ගිය නිලධාරියා ඒ වගකීම බාර ගත යුතුයි. අපි ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් සිදු කරනවා’ යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් පළ කළේය.
තරගාවලියට සහභාගි වීම සඳහා ආරම්භයේදී හොකී සංගමයට අවසර ලබා නොදුන් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේය.
‘හොකී සංගමය ගැන කතා කරනවාට වඩා හොදයි කතා නොකරන එක. මම ඒගොල්ලන්ට යන්ඩ දුන්නේ නැහැ. නමුත් මෙතන ඇවිල්ල බලහත්කාරයෙන් අඬලා ඔලිම්පික් සංගමයෙන් ලියුමක් අරන් ඇවිල්ල ගියේ. අන්ත පරාජයක් අත් වුණේ. ගෝලයක් ගැහුවේ නැහැ’ යනුවෙන් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
ජපානයේදීත්
පසු ගියදා ජපානයේ පැවති ආසියානු ප්‍රවීණයන්ගේ ශුරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් විස්සකට ආසන්න පිරිසකගේ අතුරුදහන් වීම් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළේය.
‘අපිට එකේ වගකීම බාර ගන්න බැහැ. අපි හරහා නෙවෙයි ගියේ. ඒකට අපේ අනුමැතියක් නැහැ. පැහැදිලිව මුදල් එකතු කරලා වංචාවක් සිදු වෙලා තිබෙනවා’ යනුවෙන් ඔහු පැවසීය.
මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙල්දී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට කිසිදු පදක්කම් දිනා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කළේය.
(බිබිසි)
'අතුරුදහන්වීම් වලට ක්‍රීඩා සංගම් වගකිව යුතුයි' Featured
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩකයන් භාර ක්‍රීඩා සංගම් වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...