දැඩි ආරක්‌ෂක විධිවිධාන යටතේ ඊයේ කර්ණාටක මහාධිකරණය ජයලලිතා ජෙයරාම්ගේ ඇප අයෑදුම්පත විභාගයට ගන්නා ලදී. බැංගලෝර් විශේෂ අධිකරණය ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා ජයලලිතා ජෙයරාම්ට වසර 04 ක සිර දඬුවමක් නියම කරනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 66 කට අධික වත්කම් ප්‍රමාණයක් නීත්‍යානුකූල නොවන අන්දමින් උපයා ගැනීමේ චෝදනා මතය.
වසර හතරක සිර දඬුවමට අමතරව ජයලලිතාට ඉන්දීය රුපියල් කෝටි සියයක දඩයක්‌ද නියම කරනු ලැබිණි.
මෙම නඩු විභාගය මහාධිකරණ විනිසුරු ඒ. වී. චන්ද්‍රශේඛරාගේ ප්‍රධානත්වයෙන් විභාගයට ගන්නා ලදී.
ජයලලිතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාම් ජෙත්මලානි ප්‍රකාශ කර සිටියේ 66 හැවිරිදි තම සේවාදායිකාව දියවැඩියාව, රුධිර පීඩනය සහ කොන්දේ අමාරුවෙන් පෙළෙන බැවින් සෞඛ්‍ය හේතුන් සලකා ඇයට ඇප නියම කරන ලෙසයි.
ඇප ලබාගැනීමට ඕනෑම කොන්දේසියකට යටත්වීමට සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කළේය. ජයලලිතාගේ නීතිඥයා විනාඩි 90 ක් තිස්‌සේ අධිකරණය හමුවේ කරුණු දැක්‌විය.
කෙසේ නමුත් රජයේ නීතිඥ ජී. භවානි සිං හිටපු මහ ඇමැතිනියට ඇප ලබාදීමට විරුද්ධ විය. මේ අතර ඊයේ මෙම තීන්දුව දීමට ටික වේලාවකට පෙර කර්ණාටක මහාධිකරණය ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදුන් බවට ආරංචියක් පළවීම නිසා තමිල්නාඩුවේ ඇගේ ආධාරකරුවෝ මහත් උද්දාමයට පත්වුවත් නොබෝ වේලාවකින්ම එය වැරදි ආරංචියක් බව හෙළිවිය.
ජයලලිතාට ඇප ලැබුණු වැරදි ආරංචියත් සමග සමහරු ඇගේ නිවස අසලදී රසකැවිලිද බෙදා දුන්හ.
පසුව ඇයට ඇප නොලැබුණු බව ආරංචි වූ විට ඔවුහු මහපාරේ වාඩිවී උද්ඝෝෂණය කරන්නට වූහ.
(දිවයින)
තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්ට ඇප ලබාදීම කර්ණාටක මහාධිකරණය ඊයේ (7 දා) ප්‍රතික්‌ෂේප කළේය.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...