සිය පක්ෂයේ නායකයාගේ 'කකුලෙන් අදින ආකාරයට' තම පක්ෂයේ කටයුතුද අඩාල කිරීමට උත්සාහ නොකරන මෙන් ෆොන්සේකා මහතා ප්‍රේමදාස මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ෆොන්සේකා මහතා එබව සඳහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.
"මහත්මා දේශපාලනයක් කරන්න කියලා අපි එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන්ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
'රනිල්, මගේ සහාය ඉල්ලුවා'
එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ සහායද අපේක්ෂා කරන බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි කරන ලදැයි ද හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
තවමත් නිල වශයෙන් කිසිදු සාකච්ඡාවක් නොපැවති නමුත් එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව විරුද්ධ පක්ෂ වරින් වර නිල නොවන ආකාරයෙන් සාකච්ඡා පවත්වන බව සඳහන කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, රට බේරා ගැනීම විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන පක්ෂවල අරමුණ බවත් සඳහන් කළේය.
"ඒ අරමුණේදී යම් යම් තැන්වලදී අපිට සමාන්තරව ගමන් කරන්න සිද්ද වෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු පියවර කවරක් දැයි පක්ෂය තවමත් අවසාන තීරණයකට එළැඹි නොමැති බවත් සරත් ෆොන්සේකා කියා සිටියේය.
වෙනත් පොදු අපේක්ෂකයකුට සහාය දීම මගින් සිය පක්ෂයේ පසුබෑමක් ඇතිවීමට ඉඩ තිබෙන බව කියා සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා, එසේ පසුබෑමක් ඇති නොවන්නේ නම් පක්ෂය පොදු අපේක්ෂකයකුට සහාය දීමට ඉඩ තිබෙන බව සඳහන් කළේය
'සජිත්, රනිල්ගේ කකුලෙන් අඳිනවා' - ෆොන්සේකා Featured
සිය පක්ෂය භේද භින්න කිරීමට උත්සාහ දරන බවට 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' නායක සරත් ෆොන්සේකා මහතා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට චෝදනා කරයි.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...