'අලියා වෙනස් කරන්න දෙන්නේ නෑ' Featured

Published in පුවත්
Sunday, 12 October 2014 08:21

මීළඟ ජනාධිපතිවරණයේදී මැතිවරණ ලකුණ ලෙස අලියා ලකුණ වෙනස් කරන්න ඉඩ නොදෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

‘එ.ජා.පය අවසන් වරට තීන්දුවක් අරගත්තා එ.ජා.ප – එ.ජා.ප යම තමයි. ලකුණත් අලියා තමයි.එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ මහා සම්මේලනය, ජාතික විධායක සභාව මේ ගැන තීන්දුව අරගෙන ඉවරයි. මාත් ඉන්නේ ඒ ස්ථාවරයේ තමයි’ යයිද මන්ත‍්‍රීවරයා කියයි.




කෙසේවුවද,  'අලියා වෙනස් කරලා හරි ජනාධිපතිවරණය ජයගමු' යයි එම පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා පසුගිය 10 දා 'සිරිකොත' එජාප මුලස්ථානයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේය. එම අවස්ථාවේ එජාප මහා ලේකම් තිස්ස අත්තනායක මහතාද එම සම්මන්ත්‍රණයට සහභාගිවී සිටියේය. 


එළඹෙන ජනාධිපතිවරණයේදී මේ ආණ්ඩුව දිනන්න පුළුවන් සියලු උපක්‍රම භාවිතා කොට ජයග්‍රහණය කරන්න උත්සාහ ගන්නා බැවින්, දිනන පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කොට අලියා වෙනස් කොට හෝ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුතු බව මංගල සමරවීර මන්ත්‍රීවරයා එහිදී පැවසිය. 


එජාප සන්නිවේදන බලකාය ඌව පළාත් සභාව වෙනුවෙන් සිදුකළ මෙහෙය ඇගයීම හා ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා මෙම සම්මන්ත්‍රණය කැදවා තිබූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා  සදහන් කොට සිටියේ,  එක්සත් ජාතික පක්ෂයේ පැරණි නායකයින් මාධ්‍ය එතරම් භාවිතාවට නොගෙන ජනතාව ඇමතීමෙන් හා ජනතාව අතරට ගොස් තම මතය පැහැදිලි කිරීමෙන් ජයග්‍රහණ අත්පත් කර ගත් බවයි.


එබැවින් පවතින මාධ්‍යයන් භාවිතයට ගන්නා අතරම ජනතාව හමුවට ගොස් තම මතය ප්‍රචාරයක කිරීම මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බලකාය කටයුතු කර ඇති බවයි.


ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා සියලු ධෛර්යය භාවිතා කොට මැතිවරණයට මුහුණ දිය යුත්තේ මෙතෙක් බලයට පැමිණි පාලකයින් බලය අත්හැරීම සම්බන්ධනේ දෙගිඩියාවක නොසිටිමත් රාජපක්ෂවරු බලය අත්හැරීමට සූදානම් නොවීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් බවද සදහන් කොට සිටියේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us