උතුරු පළාත් සභාවට වැඩ බැහැ - ජනාධිපති Featured

Published in පුවත්
Monday, 13 October 2014 09:28

උතුරු පළාත් සභාව සඳහා උතුරේ ජනතාව විසින් තෝරා ගත් කණ්ඩායම වැඩ කිරීමට නොහැකි පිරිසක් වීම හේතුවෙන් මුළු රටම අවාසනාවන්ත තත්ත්වයකට පත් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

උතුරු පළාතේ සිය තුන් දින සංචාරය ආරම්භ කරමින් ඊයේ (12) දහවල් කිළිනොච්චියට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේය.

කිළිනොච්චි නගරයට රැස්වූ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ උතුරු පළාත් සභාවට පත් වූ පිරිස තමාට වැඩ කිරීමට නොදී බාධා එල්ල කරන අතරතුර ඔවුන් රජයේ වෙන් කරන ලද මුදල් වලින් ජනතාවටද සේවයක් නොකරන බවයි.

ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මේ දිනවල බොහෝ පිරිසක් විවිධ යෝජනා ඉදිරිපත් කරන බව කී ජනාධිපතිවරයා, රට බෙදීමේ ප්‍රතිපත්තියත් රට දෙකඩ කිරීමේ අභිලාෂයත් ඉවත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ඩයස් පෝරාවත් ඉල්ලා සිටින ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සූදානම් බවද කියා සිටියේය.


ඊලාම් රාජ්‍යයක්


ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කරන කිසිදු පාර්ශ්වයක් සමග කුමන හෝ ආකාරයේ සාකච්ඡාවකට තමා සූදානම් නැති බවත් ශ්‍රී ලංකාව තුළ ඊලමක් පිහිටුවීමට කිසිම අවස්ථාවක ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

දකුණට උතුරට පමණක් නොව මුලු රටටම ජනාධිපතිවරයා වන තමන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට කිසි විටෙකත් මැළි නොවන බවද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

ගතවූ වසර හතර ඇතුළත රුපියල් කෝටි ගණනක් වැය කොට උතුරු පළාත තුළ අධ්‍යාපන, නිවස, ඉඩම්, මහාමාර්ග හා ප්‍රවාහන කටයුතු වැඩි දියුණු කළේ ජනතාවගේ අවශ්‍යතාවය මත බව කී ජනාධිපතිවරයා, එල්ටීටීඊ සාමජිකයින් 12000ක් සහ ළමා සෙබළුන් 560ක් පමණ පුනරුත්ථාපනය කොට පවුලේ සාමාජිකයන් වෙත භාර දුන් බවද පැවසීය.

කිළිනොච්චියේ විවිධ උත්සව වලට සහභාගි වූ ජනාධිපතිවරයා එවක එල්ටීටීඊ සංවිධානය පවත්වා ගෙන ගිය ඊලාම් බැංකුවලට උතුරේ වැසියන් විසින් උකස් කරණ ලද රන්භාණ්ඩ තොගයක්ද අයිතිකරුවන් වෙත භාර දෙනු ලැබීය.

(බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us