යාල්දේවි අද සිට යාපනයට

Published in පුවත්
Monday, 13 October 2014 09:37

උතුරු දුම්රිය මාර්ගයේ පලෙයි සිට යාපනය දක්‌වා යාල්දේවි දුම්රිය මාර්ගය අද (13 ) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමත් සමඟ කොළඹ - යාපනය දුම්රිය ධාවනය ආරම්භ වේ.

පසුගිය යුධ සමයේ මෙම මාර්ගය විනාශ කිරීමෙන් පසු 1990 ජුලි මස 04 වැනිදා සිට යාපනය දක්‌වා දුම්රිය ධාවනය ඇනහිට තිබිණි. එය නැවත වසර 24 කට පසු අද සිට යථා පරිදි දුම්රිය කටයුතු සිදුකෙරේ.

කොළඹ යාපනය අතර දුම්රිය හතරක්‌ ධාවනය කෙරෙන අතර ඉන් දෙකක්‌ නගරාන්තර දුම්රිය සේවා වේ. එක්‌ දුම්රියක්‌ සුඛෝපභෝගී දුම්රියක්‌ ද වේ.

කොළඹ සිට යාපනය දක්‌වා සාමාන්‍ය දුම්රිය සේවා ගාස්‌තුව රුපියල් 320 කි. වෙන් කරන ලද පළමු පන්තිය සඳහා රුපියල් 900 ක්‌ද, වෙන්කරන ලද දෙවන පන්තිය සඳහා රුපියල් 800 ක්‌ද, තුන්වැනි පන්තිය සඳහා රුපියල් 350 ක ගාස්‌තුවක්‌ ද අයකෙරේ.

වායුසමීකරණය කරන ලද දුම්රියේ ගමන් කිරීම සඳහා එක්‌ මගියකුගෙන් රුපියල් 1500 ක මුදලක්‌ අයකෙරේ. යාල්දේවි ගල්කිස්‌ස දුම්රිය ස්‌ථානයෙන් ගමන් ආරම්භ කරයි.

මෙම උතුරු දුම්රිය මාර්ගය සඳහා ඉන්දීය රජය මුල්‍ය දායකත්වය ලබාදී ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us