අගවිනිසුරුට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධයක් !

Published in පුවත්
Saturday, 05 July 2014 16:07

MohanPirisනිති විද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වනු ලබන විභාගය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ප්‍රධානත්වය දරන නීති අධ්‍යාපන සභාව විසින් ගෙන ඇති තීරණයට ආණ්ඩුව තුළින්ම දැඩි විරෝධයක් මතු වී තිබේ.



පසුගිය 03 දා පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහිදී අදහස් දක්වා ඇති අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර ලබාදීම වෙනස් නොකරන ලෙසට අගවිනිසුරු මොහාන් පිරිස් මහතා තමාට බලපෑම් කරන බවය. 

ඊට විරුද්ධව අදහස් දක්වා ඇති වාසුදේව නානායක්කාර ඇමතිවරයා ප්‍රකාශකර ඇත්තේ සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දීමට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න ලබා දීම පිළිගත නොහැකි බවත් සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දීමට සිංහල භාෂාවෙන් ප්‍රශ්න ලබා දිය නොහැක්කේ මන්දැයි යන්නයි.


මෙහිදී අගවිනිසුරුවරයාගේ තීරණය සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩලයේ බහුතරයකගේ විරෝධය එල්ල වී ඇත.  නීති අධ්‍යාපන සභාවේ තීරණ ප්‍රතික්ෂේප කිරීමේ බලයක් අධිකරණ අමාත්‍යවරයාට ඇති බවත් එයට බලපෑම් කිරීමට අගවිනිසුරුවරයාට නොහැකි බවත් එහිදී ඉස්මතු වී තිබේ. 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us