මහින්ද පරාජය කරන බව රතන හිමි පවසති Featured

Published in පුවත්
Tuesday, 14 October 2014 20:42

ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව හදිසි ජනපතිවරණයක් කැඳවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රියා කළහොත් ඔහු පරාජය කිරීමට හැකි සියල්ල කරන බව අතුරලියේ රතන හිමියෝ අවධාරණය කර සිටිති. 




උන්වහන්සේගේ මූලිකත්වයෙන් යුත් පිවිතුරු හෙටක් උදෙසා වූ ජාතික සභාව විසින් සම්පාදනය කරන ලද 19 වෙනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාව අද (14) එළිදැක්වමින්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ උත්සවයකදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එසේ පැවසුහ. 

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාව සම්පාදනය කර ඇත.

 ඊට මූලික කරුණු 8ක් ඇතුළත් වේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ බලතල සම්බන්ධයෙන් මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට යෝජනා ඇතුළත් කර තිබේ.

 එමෙන්ම මනාප ක‍්‍රමය අහෝසි කර නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් වූ යෝජනා ද ඊට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.


පක්ෂය වරදක් කළා 


සිය පක්ෂය දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂපාතීව ඡන්දය භාවිත කිරීම වැරැද්දක් බවද රතන හිමියෝ  'පිවිතුරු හෙටක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' රැස්වීම අමතමින් කියා සිටියහ.

2009 සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුව කඩිමුඩියේ සම්මත කරගත් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දෙවරක් විධායක ජනපති පදවිය හෙබවූ තැනැත්තෙකුට යළිත් වතාවක් තරඟ වැදීමට තිබූ බාධාව ඉවත් කෙරුණු අතර, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභාද අහෝසි කෙරිණ.

 ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් යෝජනාව එළිදැක්වීමේ අවස්ථාවට මාදුළුවාවේ සෝභිත හිමියන්, විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, ඩිව් ගුණසේකර,  තිස්ස විතාරණ, රාජිත සේනාරත්න  යන අමාත්‍යවරුන් ද සහභාගි වී සිටියහ.

 එමෙන්ම කරු ජයසුරිය, අර්ජුන රණතුංග,  සුනිල් හඳුන්නෙත්ති සහ ආනන්ද සංගරී, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියේය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us