ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) ඒකාබද්ධව මෙය සංවිධානය කළ අතර අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (ISO) අක්‍ෂර කේතනය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම හා අන්තර්ජාතික විද්‍යුත් තාක්ෂණ කොමිසමේ (IEC) මෙහෙයුම් කමිටු රැස්වීම් ද ඊට සමඟාමීව ශ්‍රි ලංකාවේ දී පැවැත්විණි.
මෙම ක්‍රියාකාරී කණ්ඩායම්හි විෂය පථය වන්නේ තොරතුරු තාක්ෂණයේ දී යොදා ගන්නා කේතනය ඇතුළත් වන ලෝකයේ සියලුම භාෂාවල අක්ෂර මාලා සඳහා වූ කේතික අනුලක්ෂණ කට්ටල සකස් කිරීම වන අතර ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය මෙම කේතන සකස් කිරීම සඳහා යුනිකෝඩ් කණ්ඩායම සමඟ සහයෝගීව කටයුතු කරයි.
2012 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේද සහභාගිත්වයෙන් තායිලන්තයේ දී පැවැත්වූ මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීමේ දී 2014 අදාළ මෙහෙයුම් කමිටු හා ක්‍රියාකාරි කණ්ඩායම් රැස්වීම් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කරන ලද අතර එම තිරණයට අනුව මෙම රැස්වීම් ශ්‍රි ලංකාවේ දී පැවැත්විණි.
ක්‍රියාකාරි කණ්ඩායමේ රැස්වීමේ දී භාෂාවන් ගණනාවක අක්ෂර මාලා සංකේතනය කිරීම පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දෙමළ සංකේත (symbols) පිළිබඳ සාකච්ඡා කරන ලදී.
මේ සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ මේ පිළිබඳ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අඳහස් ඉදිරිපත් කළහ.
දෙමළ සංකේත ISO ප්‍රමිතියේ දෙමළ කේත පිටුවේ නොව පරිපූරක කොටසක ඇතුළත් කළ යුතුයැයි ද එම ආයතනය යෝජනා කර ඇත.
මෙම රැස්වීමට දේශිය හා ජාත්‍යන්තර නියෝජිතයන් 50ක් පමණ සහභාගි වූහ.
සයිබර් අවකාශය පරිගණකය මෙන්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ මෙවලම් සඳහා එක් ප්‍රමිතියකට අනුව භාෂාවන් යොදා ගැනීම වැදගත් වන බව ශ්‍රි ලංකාවේ දී පැවති අක්ෂර ප්‍රමිතිකරණය පිළිබඳ ජාත්‍යන්තර කමිටු රැස්වීමේ දී අවධාරණය කෙරිණි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...