යුරෝපා කොමිසමේ කොන්දේසි ඉටුකරනවා - ඇමති රාජිත

Published in පුවත්
Wednesday, 15 October 2014 09:59


යුරෝපා කොමිසම විසින් පනවා ඇති කොන්දේසී මාස තුනක් ඇතුළත ඉටු කිරීමට බලාපොරොත්තු වන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගනු ලබන මත්ස්‍ය නිෂ්පාදන නවතා දැමීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකාව මගින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම තීරණයට එළඹි බව යුරෝපා කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණි.

ඒ අනුව මාස 3ක කාලයකින් පසු මෙම මත්ස්‍ය නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීම නවතන බව එහි නිල වශයෙන් දන්වා තිබුණි.

යුරෝපා රටවල් වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් උපයන මුදල රුපියල් බිලියන 22කි.

ශ්‍රී ලංකාව ඇතුළු බෙලීස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනවාටු යන රටවලට යුරෝපා කොමිසම විසින් මීට පෙරාතුව මත්ස්‍ය නිෂ්පාදයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳ උපදෙස් ලබාදී තිබුණු අතර එසේ නොකරන්නේනම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි.

එබැවින් බෙලීස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනවාටු යන රටවල් යුරෝපා කොමිසමේ උපදෙස් මත නිෂ්පාදන ප්‍රමිති ආරක්ෂා කිරීමට පියවර ගත් බැවින් එකී රටවල පනවන්නට නියමිතව පැවති වාරණය අත්හිටුවීමට තීරණය කර තිබේ.

එසේ වුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම එම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට නිසි පියවරක් නොගත් බැවින් මෙලෙස මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

(අද දෙරණ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us