කාන්තාවන් නිරුවත් කර තෙල්ගාන දේවගැතිවරයෙක්

Published in පුවත්
Saturday, 05 July 2014 19:49

දේව අනුහස් ලබාගැනීමට නම් තමාගෙන් තෙල් සාත්තුව සිදු කරගත යුතු බව පවසමින් ආනමඩුව ප්‍රදේශයේ 21 හැවිරිදි කාන්තාවක තනිව සිටි ගෙට රිංගා ඇයගේ ඇඳුම් උනා දමා තෙල් සාත්තු සිදු කරන අතරවාරයේ ලිංගික අතවරයක් කරන ලද පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ආණමඩුව ගුරුපොකුණ ගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම 21 හැවිරිදි කාන්තාවට ලිංගික අතවරයක් සිදු කළ බව කියන්නේ පෙන්තකොස්ත සභාවට අයත් යයි කියාගත් දේවගැතිවරයෙකි. ඔහු ආනමඩුව කෝන්වල කන්ද ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.

සැකකාර දේවගැතිවරයා ආනමඩුව ප්‍රදේශයේ දේවස්ථානයක් පවත්වා ගෙන යමින් සිට ඇති අතර ඔහු ප්‍රදේශයේ පදිංචිකරුවන්ව තම ආගමට සම්බන්ධ කර ගැනීමක්ද සිදු කරමින් සිට ඇත.

තම ආගමට සම්බන්ධ වන පුද්ගලයින්ගේ නිවෙස් වලට ගොස් ඔවුන්ගේ සිරුරු වලට තෙල් ආලේප කරමින් කිසියම් යාතිකාවක් කිරීමද සැකකාර දේවගැතිවරයා පසුගිය කාලය පුරාම කරගෙන ගොස් ඇත්තේ දේව අනුහස් ලබාගැනීමට නම් ඒ සත්කාරය කළ යුතු බව දක්වමිනි

සිද්ධියට මුහුණ දුන් කාන්තාව සහ ඇයගේ පවුලේ අයව ඔහුගේ සභාවට සම්බන්ධ කර ගැනීමට මේ දේවගැතිවරයා සමත්වී ඇති අතර පසුගිය 02 වැනිදා කාන්තාව තනිව සිටි වේලාවක් බලා ඇගේ නිවසට ගොස් ඇති දේවගැතිවරයා ඇයගේ සිරුරට තෙල් ආලේප කරමින් සිටින අතර මෙම අතවරය සිදු කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

එම අවස්ථාවේ කාන්තාවට ඔහු ඇඳුම් ඉවත් කරන ලෙස උපදෙස් දුන් බවත් මේ දේව අනුහස් ලැඛෙන කටයුත්තක් බැවින් දෙවියන්ගේ කැමැත්ත පරිදි සියල්ල කළ යුතු බව දක්වමින් අණ කළ බවත් කාන්තාව ප්‍රකාශ කර ඇත.

ඒ නිසා තමා ඇඳුම් ඉවත් කර තෙල් ගෑම සඳහා අවසර දුන් නමුත් අනපේක්ෂිත ලෙස ඔහු තෙල් ගානවා වෙනුවට තමන් සමග අඹුසැමි සබඳතා පවත්වන්නට උත්සාහ කළ බව ඇය ප්‍රකාශ කරයි.

දේවගැතිවරයා විසින් තමන්ට සිදු කරන ලද අතවරය සම්බන්ධයෙන් වූ තොරතුරු සැමියා නිවසට පැමිණි පසුව කාන්තාව විසින් ඔහුට පවසා ඇත. පසුව සැමියා ඔහු සොයා ගොස් මේ ගැන විමසීමේදී ගැටුමක්ද ඇති කරගෙන තිබුණ අතර දේව ගැතිවරයා කියන අයගේ ඥාති පුද්ගලයෙකු සිද්ධියට මැදිහත්වී ඔහු සමග කාන්තාවගේ සැමියා බහින්බස්වී පසුව පහරදීමක්ද සිදු කරගෙන තිබේ.

ඒ අනුව සැමියා විසින් ආණමඩුව පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සැකකාර දේවගැතිවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ආනමඩුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

(තොරතුරු : පුත්තලම - ජුඩ් සමන්ත)

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us