චන්ද්‍රිකා ඝාතන සැලසුම්කරුවෝ අත්අඩංගුවට

Published in පුවත්
Saturday, 05 July 2014 23:12

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට සැලසුම් කළ එල්ටීටීඊ සාමාජිකයන් තිදෙනෙකු ඊයේ (4) මැලේසියානු ආරක්ෂක නිලධාරීන් විසින් ඇත අඩංගුවට ගනු ලැබ ඇත.

මැලේසියානු අගනුවර දී කළ වැටලීමකදී මෙම සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගත් බව මාධ්‍ය හමුවකට එක්වූ මැලේසියානු පොලිස්පති කාලිඩ් අබ් බකර් ප්‍රකාශ කළේය.

නීති විරෝධීව මැලේසියාවට ඇතුල්වී එහි පදිංචි වී සිටි මෙම සැක කරුවන් සතුව විදේශ ගමන් බලපත් කිහිපයක්ම තිබූ බව පැවසේ.

පොලිස්පති කාලිඩ් පවසන ආකාරයට මෙම සැක කරුවන් තිදෙනාගෙන් එක් අයෙක් එක්දහස් නමසිය අනූ නමයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඉලක්ක කරමින් කොළඹ නගර සභා පිටියේ දී බෝම්බයක් පුපුරවා හැරීමේ සිදුවීමට ඍජුවම සම්බන්ධ වී සිටි අයෙකි.

දෙදහස් නමයේ සිට මේ දක්වා නීතිවිරෝධී ලෙස මැලේසියාවට ඇතුළුවූ එල්ටීටීඊ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට මැලේසියානු ආරක්ෂක බලධාරීන් විසින් මෙහෙයුමක් දියත් කොට තිබේ.

මේ දක්වා එල්ටීටීඊ සාමාජිකයන් දාහතර දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ඉන් සමහර දෙනෙක් ශ්‍රී ලංකාවට නැවත යැවීමට කටයුතු සුදානම් කොට ඇති බවද පොලිස්පති කාලිඩ් වැඩිදුරටත් පැවසීය.

(බිබිසි)

4-Arrest 3

4-Arrest 1

4-Arrest 2

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us