නෙවිල් ප්‍රනාන්දු වෙද කඩේ හොර ගුහාවක්

Published in පුවත්
Saturday, 18 October 2014 15:12
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු විසින් පවත්වාගෙන යනු ලබන හොර උපාධි ක‍ඩයෙන් උපාධි ලබාගන්නා කිසිවෙකු ලංකාවේ වෛද්‍ය වෘත්තියට සුදුස්සන් නොවන බවට පසුගියදා පළවූ සෞඛ්‍ය අමාත්‍යංශ ගැසට් නිවේදනයකින් කියැවිණි.
එසේම මේ වනවිට වාර්තා වන්නේ අදාළ උපාධිය සමර්ථ වීම සදහා වන විෂයානුබද්ධ සක්‍යතා හා ‍භෞතික පහසුකම්  කිසිවක් අදාළ නෙවිල් ප්‍රනාන්දු වෙද කඩය විසින් සපුරා නොමැති බවත් ඒ සදහා වන ශික්ෂණ පහසුකම් ලබාදීමට නෙවිල් ප්‍රනාන්දු රෝහල අසමත්වී ඇති බවයි.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වර්ෂිකව සිසුන් 196 දෙනෙකු බදවා ගැනීම් සිදුකරනු ලබන අතර ඒ අනුව වෛද්‍ය පීඨයේ මේ වන විට සිසුන් 786 දෙනෙකු අධ්‍යාපනය ලබමින්සිටී. ඔවුන්ට සායනික පුහුණුව සදහා කොළඹ පිහිටි ශික්ෂණ රෝහල් 05ක ඇදන් 5000ක් ඇති අතර ඒ අනුව උපාධි පාඨමාලාවේ අඩංගු විෂය ධාරාවන් 21 සම්පූර්ණ කිරීම සදහා ආචාර්යවරු 180 කින් යුතු ආචාර්ය මණ්ඩලයකින්ද යුතුවේ.
 
එහෙත් මෙකී තත්වයන් සමග සන්සන්ධනය කිරීමේදී වාර්ෂිකව බදවා ගත් සිසුන් 250 ක පිරිසක් සිටින මාලඹේ වෙද උපාධි කඩයෙහි සිසුන් සදහා අවශ්‍ය ගුරුවරුන් මෙන්ම සායනික පුහුණුව සදහා අවශ්‍ය ඇදන් ප්‍රමාණයද සම්පූර්ණ ව නොමැති බවද වාර්තාවේ. ශික්ෂණ රෝහලක 80% අනුපාතයකින් රෝගීන් සිටිය යුතු වුවත් ‍මෙහි ඇදන් ඇත්තේ 250ක් පමණ වන අතර එයින්ද රෝගීන් 20% වත් සම්පූර්ණ ව නොමැත.
 
මෙවැනි තත්වයක් යටතේ වෛද්‍ය සභාව විසින් අදාළ ‍රෝහල සදහා ශික්ෂණ රෝහල් අනුමැතිය ලබා දීමට කටයුතු කොට නැත.
 
කෙසේ නමුත් වෛද්‍ය සභාව වෙත යොමු කොට ඇති වාර්තාවක දැක්වෙන්නේ අදාළරෝහලෙහි ඇදන් 1002ක් අඩංගුව ඇති බවයි. එසේම අදාළ වෛද්‍ය උපාධි පාඨමාලාවේ විෂයන් 21 න් අර්ධයක් ‍හෝ සම්පූර්ණ කිරීමට සමත් විෂය මාලාවක් හෝ ආචාර්ය මණ්ඩලයක් මෙම ආයතන සතුව නොමැත. 
 
මේ අනුව ආණ්ඩුවේ ඉහල නිළයන්ගේ අනුමැතිය සහිතව පවත්වාගෙන යනු ලබන නෙවිල් ප්‍රනාන්දුගේ වෙද කඩය හා රෝහල වෛද්‍යවරු නිර්මාණය කිරීමේ කිසිදු නෛතික හෝ අධ්‍යාපනික සුදුසුකමක් නොමැති ආයතනයක් බවට තහවුරු වී ඇතැයි වාර්තාවේ.
Last modified on Saturday, 18 October 2014 16:48

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us