යෞවන සම්මාන, යෞවන ක්‍රීඩා මුදල් නිල් බලකායට!

Published in පුවත්
Saturday, 18 October 2014 18:07
නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ සාමාජිකයින් පුහුණු කිරීම සඳහා යෞවන සම්මාන උළෙල, යෞවන ක්‍රීඩා උළෙල හා ආබාධිත යෞවනයන් වෙනුවෙන් පවත්වාගෙන ආ සිහිනය නම් වැඩසටහන් සඳහා  වෙන්කර තිබූ මුදල්  යොදවා ඇති අතර එම වැඩසටහන් මෙම වර්ෂයේදී නොපැවෙත්වෙන බව අනාවරණය වේ. 
 
මේ වනවිට හම්බන්තොට අගුණකොළ පැලැස්සේ එරමිණියාය ප්‍ර දේශයේ පුහුණුව ලබන නිල්බලකායේ පුහුණුව ලබන තරුණයින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ මෙහෙයුම් සඳහා යෙදවිම සඳහා බව ශ්‍රී ලංකා යූත් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.  
 
මේ වනවිට යෞවන ක්‍රීඩා උළෙලේ දිස්ත්‍රික්, පළාත් මටට්මේද තරඟ පවත්වා අවසන් බව පැවසෙන අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබුණේ ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලයි.
 
කෙසේවෙතත් වසර 20කට වැඩි කාලයක් මේ රටේ හැකියාවන් දක්ෂතාවයන් ඇති තරුණ පිරිසට අතහිත  යෞවන ක්‍රීඩා, යෞවන සම්මාන වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබීය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us