18 වැනි ව්‍යවස්ථා සංශෝධනය වලංගු අනාගතයට Featured

Published in පුවත්
Sunday, 19 October 2014 09:39

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිවේදීන්ගේ බහුතරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරඟ වැදිය නොහැකි බව ප්‍රකාශ කරති.

මේ සම්බන්ධයෙන් ඊයේ (18) සෙනසුරාදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කැඳවා තිබූ විශේෂ රැස්වීමකදී එම අදහස් පළවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය ඉදිරියට මිස අතීතයට බල පාන්නේ නැති බව ජාත්‍යන්තර නීති විශාරදයකු වන, ඕස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන සූරී රත්නපාලගේ මතය වී ඇත. 

ඔහු ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයකු ලෙසද කටයුතු කොට තිබේ.

ඔහුගේ මතය පිළිබදව ඊයේ  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාකච්ඡා කළ අතර මෙහිදී බහුතරයක් ප්‍රකාශ කොට තිබෙන්නේ එම මතය නිවැරදි බවයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසුවේ,  මහාචාර්ය සූරී රත්නපාල මහතා පවසන ආකාරයට නීති අර්ථ නිරූපණය කිරීමේදී අනුගමනය කරන අර්ථ නිරූපන ආඥා පනත යටතේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයද අර්ථ නිරූපණය කළ යුතු බවයි.



අර්ථ නිරූපනය


එහි දැක්වෙන ආකාරයට කිසිදු නීතියක් අතීතයට බල පැවැත්වෙන ආකාරයට ක්‍රියාත්මක කළ නොහැකි බව ඔහු පැවසුවේය. 

මේ අනුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයකුට දෙවතාවකට වඩා තරඟ කල හැකි බවට වෙනසක් කොට ඇති නමුත් එම නීතිය බල පැවැත්වෙන්නේ අනාගතයේ දී තරඟ කරන ජනාධිපතිවරුන්ට පමණක් බවට මහාචාර්ය සූරී රත්නපාල මහතා  අර්ථ කථනය කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පැවසුවේය. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊයේ පැවති රැස්වීමේදී ගන්නා ලද තීරණ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරන බව, එම සාකච්ඡාවේ තොරතුරු අනාවරණය කරමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. 

මේ අදහස් පලවන්නේ, ශ‍්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම දෙවන ධුර කාලය අවසන්වීමට පෙර, තවත් වතාවක් සඳහා ජනාධිපතිවරණයකට යෑමට සූදානම් වන බවත් ජනාධිපතිවරණය ජනවාරි මාසයේ පැවැත්වෙන බවටත් වාර්තා පළ වෙමින් තිබෙන අවස්ථාවකදීය. 


(බිබිසි සංදේශය)

8419

8424

8428

8430

8440

8446

8453

8480

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us