‘මැතිවරණ අයවැය ජනතාව රැවටීමක්’- රවි

Published in පුවත්
Thursday, 23 October 2014 09:19

පසුගිය වසර කීපය තුළ කිසිදු වැටුප් වැඩි වීමක් නො කළ ආණ්ඩුව ලබන සිකුරාදා ඉදිරිපත් කරන ‘මැතිවරණ අයවැයෙන්’ රජයේ සේවකයන්ට රුපියල් පන් දහසක පඩි වැඩි වීමක් ලබා දීමේ සූදානමක් තිබෙන බව තමන්ට දැන ගන්නට ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා එම අදහස පළ කළේ කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දීය.

එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයින්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් බව කියා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා, ආණ්ඩුව රුපියල් පන් දහසකින් හෝ වැටුප් වැ‍ඩි කළොත් එය ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ලබන ජයග්‍රහණයක් වන බව කියා සිටියේය.

ආණ්ඩුව වැටුප් වැඩි කරන බවට සහ ඉන්ධන මිළ අඩු කරන බවට තොරතුරු ලැබෙමින් ඇතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා ඌව මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ජනතාව ලබා දුන් පිබිදීම මෙවන් සහන ලබා දීමට හේතු වී ඇති බවද පැවසිය.


දහදාහත් මදි


වසර ගණනාවක් ජනතාවට කිසිදු සහනයක් ලබා නො දුන් ආණ්ඩුවක් ජනාධිපති මැතිවරණය අබියස සහන ලබා දෙන්නේ කුමක් නිසාදැයි ජනතාව දන්නා බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂය ඉල්ලන පරිදි රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ජනතාවට ලබා දුන්නොත් එය ඉදිරි මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක තත්වයක් විය හැකි නොවේදැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ එම වාසිය මහජනතාවට දෙන බවයි.

"අපි ජනතාවට ඒ වාසිය දෙනවට කැමැතියි, අපි මේක කිව්වේ, අද ඊයේ ජනාධිපතිවරණය ඉලක්ක කරලා නොවෙයි. මහජනයාට දහ දාහත් මදි" මන්ත්‍රීවරයා පවසයි.

නක්ෂත්‍ර කරුවන්ට අවශ්‍ය පරිදි ජනවාරි මස නව වැනිදා ජනාධිපතිවරණය පවත්වන්නේ කෙසේදැයි තමන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු කියා සිටියේය.


මැතිවරණ කොමසාරිස්

"අපි අහනවා මැතිවරණ කොමසාරිස්ගෙන් කොහොමද ජනවාරි නව වෙනිදා ඡන්දයක් තියෙනවා කියලා කියන්නේ කියලා? මැතිවරණ කොමසාරිස්වරයා එතුමාගේ අයිතිය ජනාධිපති කාර්යාලයට පවරලා දීල තියෙනවද? කියල අපි ඔහුගෙන් අහනවා"

මේ අතර අද බදාදා කොළඹ පැවැත්වුන උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, ජනතාවගේ ජීවන තත්වය ඉහල මට්ටමකට ගෙන ඒමට මහින්ද රාජපක්ෂ රජයට හැකි වූ බවයි.

රට ආර්ථික වශයෙන් ඉහල සංවර්ධනයක් ලබා ඇති බව පැවසූ අමාත්‍යවරයා, අද ජනතාවගේ ඇතැම් ප්‍රශ්න හට ගෙන ඇත්තේ ඒ දියුණුවත් සමග බව සඳහන් කළේය.

‘එදා පාරකට බොරළු ටිකක් දැම්මම සන්තෝෂ වෙන ගමේ මිනිස්සු , අද ‘කාපට්’ එක දාලා සුදු ඉරි දෙක මාසයක් ඇතුළත ඇන්දේ නැත්නම් ‘පිකටින්’ කරනවා, ඒ උසස් තත්වයට අපි රට ගෙනත් තියෙනවා’ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us