සෝභිත හිමියෝ එජාපයේ සහය ඉල්ලති Featured

Published in පුවත්
Thursday, 23 October 2014 09:25

තමන් වහන්සේට ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට මාදුළුවාවේ සෝභිත හිමියන් තීරණය කර ඇත.

ඉදිරි දිනවලදී සෝභිත හිමියන් විසින් ප්‍රදේශ රැසකදී පැවැත්වීමට සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධ සම්මන්ත්‍රණවලදී උන්වහන්සේ මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවේ.

යම් හෙයකින් එජාප සහාය උන්වහන්සේට හිමි නොවන්නේ නම් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇතැයි 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' ප්‍රධානියකු පැවසිය.

ඉදිරි ජනාධිපතිවරණයට එජාපයේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළහොත් සෝභිත හිමි සමග සිටින විපක්‍ෂ දේශපාලන පක්‍ෂ කිහිපයක සහ සංවිධානවල සහාය ඔහුට නොලැබෙන බවද හෙතෙම කීය.

ඊට ප්‍රධාන වශයෙන්ම හේතුව ලෙස එම පක්‍ෂය දක්‌වා ඇත්තේ එජාප නායකයකු විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරනු ඇතැයි පවතින විශ්වාසය මත බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us