විදුලි බල අමාත්‍යංශයෙන් ලැබුනු මහදැන මුත්තාගේ නියෝගයකින් මේ වන විට ළක්විජය බලාගාරයේ එක් යන්ත්‍රයකුත්, කැළනිතිස්ස බලාගාරයේ කොම්බයින්ඩ් සයිකල් බලාගාරයත් සපුගස්කන්ද ඩීසල් බලාගාරයත් නවතා දමා ඇත.
ලැබුනු මෙම අපූරු නියෝගයේ සඳහන් වන්නේ එම බලාගාර වලින් අහිමිවන විදුලිය කෙරවලපිටිය පුද්ගලික තාප විදුලි බලාගාරයෙන් ලබා ගන්නා ලෙසය.
ඒ අනුව මාස ගණනාවක් නවතා තිබූ කෙරවලපිටිය බලාගාරය නැවතත් විදුලි ජනනය අාරම්භ කර ඇත.
මේ හේතුවෙන් දිනකට මෙගා වොට් පැය 6000 ක ප්‍රමාණයක් එ්කකයක් රුපියල් 25 ක මුදලට මිලදී ගැනිමට සිදුව තිබේ.
එනම් මහජන මුදල් කෝටි 15 ක් (6000x1000 කි.වො.පැ. x 25) දිනකට කාබාසිනියා වේ.
කෙරවලපිටිය නොහොත් යුගදනවි බලාගාරය LTL සමාගමට අයත් එකකි. LTL සමාගම යනු විදුලි බල මන්ඩලයේ සාරය උරා බොමින් වැජඹෙන පරපෝෂිතයෙකි.
LTL සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන්නේ විදුලි බල අමාත්‍යංශයේ සහ ලංකා විදුලි බල මන්ඩලයේම උසස් නිලධාරීන් ය.
මීට පෙර අණාවරනය කළ පරිදි , ලක්විජය බලාගාරයේ දෙවන හා තෙවන අදියරයන්හි ජනනය අාරම්භ වූ විට නතර කරන්නන්ට සිදුවූ එක් බලාගාරයක් නම් කෙරවලපිටිය බලාගාරයයි.
එහෙත් මෙහි අායෝජනය කර ඇති අමාත්‍යංශ ලේකම් වරයා තමන්ගේ බලාගාරය ක්‍රියාත්මක කර ගැනීමට මෙවැනි නියෝගයක් නිකුත් කර ඇත.
පෙර සිටි අැමතිවරුන්ගේ කිල්ලෝට වල හුණු සෙවීමට ප්‍රථම, තමන්ගේ ලොටයේ සිදුවන වංචා ගැන පරීක්ෂන නොකරන්නේ වෙන කිසිවක් නිසා නොව පවිත්‍රාද මෙම වංචා දූෂණ වලට සම්බන්ධ නිසා දැයි සේවකයින් ප්‍රශ්න කරති.
-කරන්ට් මෑන්-
(ලංකා ඊ නිව්ස්)
හිටපු බලශක්ති ඇමැති පාඨලි චම්පික මහතා වෙත කෝටි 150 ක චෝදනාවක් නඟා, ඒ පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට නියෝග දෙන වත්මන් විදුලිබල ඇමැතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පාලනය යටතේ දිනකට කෝටි 15 ක් වංචා සිදුවන බව වාර්තාවේ.
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...