DIG ගේ පිස්‌තෝලය පත්තු වී පුතාට වෙඩි වදී

Published in පුවත්
Saturday, 25 October 2014 09:16

නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට (ඩී.අයි.ජී.) අයත් රාජකාරි ගිනි අවිය කොටහේනේ පිහිටි නිවසේදී පෙරේදා (23 ) රාත්‍රියේ හදිසියේ පත්තු වීමෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ 14 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පුත්‍රයාගේ දකුණු පාදයේ පහළ කොටසට වෙඩි වැදී තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සිය රාජකාරි නිමකර නිවසට පැමිණ රාජකාරි පිස්‌තෝලය මේසයක්‌ මත තබා ස්‌නානය කිරීමට ගොස්‌ ඇත.

ඒ අවස්‌ථාවේ 14 හැවිරිදි පුත්‍රයා පිස්‌තෝලය ගෙන බලද්දී එය බිම වැටී ක්‍රියාත්මක වී ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. 

Last modified on Saturday, 25 October 2014 09:23

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us