ජනාධිපතිවරයා ගෙන් මර්වින්ට දෝස්මුරයක්

Published in පුවත්
Sunday, 02 November 2014 10:08

මාලක සිල්වා මහතා විදේශිකයකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමති මර්වින් සිල්වා මහතාට දෝශාරෝපනය කර ඇත.

එසේ දෝශාරෝපනය කර ඇත්තේ, තම පුතා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලීමට ඇමතිවරයා ඊයේ දහවල් ජනාධිපතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ය.

'' අර තංගල්ලේ එවුන් බ්‍රිටිෂ් කාරයෙක් මරලා, මුළු ආණ්ඩුවම අමාරුවේ දැම්මා... දැන් තමුසෙගෙ පුතා තවත් සුද්දෙක් මරන්න ගිහින්. බලනවා අයිසේ, මෙහෙම වුනාම විරුද්ද පක්ෂයේ එව්නුයි, එන්.ජි.ඔ.කාරයොයි එකතුවෙලා මාව කන්න හදනවා.. කොහොමටත් මාලකව අත්අඩංගුවට ගන්න වෙනවා කියලා පොලිස්පති මට කිවා.. අනෙක්වා පස්සේ බලමු... දැනට මට කරන්න දෙයක් නැහැ..'' ජනාධිපතිවරයා මර්වින් සිල්වා ඇමතිවරයාට පවසා ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කල මාලක සිල්වා මේවනවිට නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.


කොළඹ RMB රාත්‍රී සමාජ ශාලාවේදී ඊයේ අලුයම විදේශිකයකු සමග ඇතිවූ ගැටුමකදී මාලක සිල්වා විදේශිකයාගේ ප්‍රහාරයට ලක්විය. තම පෙම්වතියට මලක සිල්වා අනිසි බලපෑම් කල බවට එම විදේශිකයා පොලිසියට පැමිණිලි කර ඇත.

Last modified on Sunday, 02 November 2014 11:02

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us