ජනාධිපති ගැන තීන්දුව අද

Published in පුවත්
Monday, 10 November 2014 09:11

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වරටත් ජනාධිපති තනතුර සඳහා තරග කිරීමට ව්‍යවස්ථාමය බාධාවක් ඇත්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය විමසා ජනාධිපතිවරයා යොමු කළ ලිපියට අදාළ තීරණය අද (10දා) ජනාධිපතිවරයාට යැවිය යුතු වෙයි.

පසුගිය නොවැම්බර් 5 වැනි දින මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයට යොමු කළ ලිපියෙන් එම නිගමනය නොවැම්බර් 10 වැනි දිනට ඔහුට ලැබෙන්නට සලස්වන ලෙස දන්වා තිබිණි.

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන්වීමට තවත් වසර දෙකක් තිබියදී මේ පිළිබඳ විවෘත උසාවියේ විවාදයක් පවත්වා නීතිඥවරුන්ට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ජනතා විමුක්ති පෙරමුණත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අධිකරණය ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.


ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ උපදේශාත්මක තීරණයක් බවද අදාළ කාරණය පිළිබඳ මහජනයා අතර ඉමහත් උනන්දුවක් ඇති හෙයින් එය විවෘත අධිකරණය හමුවේ විවාදයට ගැනීමට බාධාවක් නොමැති බවත් මීට පෙර අවස්ථා කීපයකදී විවෘත අධිකරණය හමුවේ මෙවන් සිද්ධීන් විවාද කෙරුණු බවත් නීතිඥ සංගමය මෙන්ම විවිධ නීතඥවරු අධිකරණයට පැවැසූහ.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලිපිය අධිකරණයට යොමු කළ නොවැම්බර් 5ට පසු දින 6වැනිදා රජයේ නිවාඩු දිනයක් වූ බවද නොවැම්බර් 7 වැනි දින සවස 3.00 දක්වා ලිඛිත දේශන ගොනු කිරීමට කල්දීම ප්‍රමාණවත් නොවන බවද නීතිඥවරු අධිකරණයට මෝසම් මඟින් දැන්වූහ.

 ජනතා විමුක්ති පෙරමුණද අධිකරණයෙන් මෙම ඉල්ලීම කෙළේය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us